පුවත් සහ සිදුවීම්

මුල් පිටුව / පුවත් සහ සිදුවීම්

SLIC ‘Rebuild Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක් පරිත්‍යාග කරයි.

25 මාර්තු 2026 - මාධ්‍ය නිවේදන

2026 මාර්තු 25, කොළඹදී – SLIC විසින් මෑතකදී ඇතිවූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් විපතට පත් පවුල්වලට සහාය වීම සඳහා ‘Rebuild Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 10ක් පරිත්‍යාග කරන ලදී.

මෙම පරිත්‍යාගය 2026 මාර්තු මස 16 වන දින මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලද අතර මෙම දායකත්වය විපතට පත් වූ ජනතාවට සහය දක්වමින් සිදුකෙරෙන ජාතික සහන සහ නැවත ගොඩනැගීමේ ක්‍රියාමාර්ග සඳහා උපකාරී වනු ඇත.

මෙම අවස්ථාවට SLIC සභාපති නුසිත් කුමාරතුංග මහතා, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ප්‍රධාන විධායක නිලධාරී නලින් සුබසිංහ මහතා, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සමීර ධර්මසේන මහතා සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් මූල්‍ය ප්‍රධානී ශ්‍රියානි කුලසිංහ මහත්මිය ද සහභාගී වූහ.

මෙම ක්‍රියාමාර්ගය SLIC හි සමාජ වගකීම් පිළිබඳ තම කැපවීම නැවත තහවුරු කරන ලද අතර, විපතට පත් වූ ජනතාවට සහාය වීම සහ ජාතික ගොඩනැගීමේ උත්සාහයන් සඳහා එක්ව ක්‍රියා කිරීමේ වැදගත්කම පිළිබිඹු කරන ලදි.

ඡායාරූප සටහන: (වමේ සිට දකුණට) ආචාර්ය සමීර ධර්මසේන (CEO – SLICGL), ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම (භාණ්ඩාගාර ලේකම් – මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය), නුසිත් කුමාරතුංග (සභාපති – SLIC), නලින් සුබසිංහ (CEO – SLICLL) සහ ශ්‍රියානි කුලසිංහ (CFO – SLICLL).

මෑත පළ කිරීම්

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් Star Awards 2025 සම්මාන උළෙලේ දී විශිෂ්ටයින් අගයයි

තවදුරටත් කියවන්න >

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් දිවයින පුරා සිය පැවැත්ම පුළුල් කරයි

තවදුරටත් කියවන්න >

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‛ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය' ලෙස පිදුම් ලබයි.

තවදුරටත් කියවන්න >

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් Star Awards 2024 සම්මාන උළෙලේ දී විශිෂ්ඨයින් අගයයි

තවදුරටත් කියවන්න >

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්ව පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප්‍රදානය කරයි

තවදුරටත් කියවන්න >