පුවත් සහ සිදුවීම්

මුල් පිටුව / පුවත් සහ සිදුවීම්

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් Star Awards 2024 සම්මාන උළෙලේ දී විශිෂ්ඨයින් අගයයි

30 ජනවාරි 2025 - මාධ්‍ය නිවේදන

ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තම සහ ශක්තිමත්ම රක්ෂකයා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) හි වසරේ දැවැන්තම උත්සවය වන Star Awards 2024 උළෙල පසුගියදා කොළඹ Shangri-La හිදී පැවැත්විණි. ‛විශිෂ්ඨත්වයේ වීරයන්’ (Heroes of Excellence) මෙම වසරේ තේමාව විය. රක්ෂණ උපදේශක, කණ්ඩායම් නායක, සමූහ නායක, ශාඛා කළමනාකරු, ප්‍රාදේශීය කළමනාකරු, බැංකු රක්ෂණ විකුණුම් නිලධාරී (Bancassurance Sales Officer) සහ බැංකු රක්ෂණ ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය විධායක නිලධාරී (Bancassurance Senior Area Executive) ඇතුළු කාණ්ඩ කිහිපයක් හරහා විශිෂ්ඨ දස්කම් දැක්වූ ජයග්‍රාහකයින් 300කට අධික සංඛ්‍යාවක් මෙහිදී ඇගයීමට ලක් විය. ඉහත සෑම කාණ්ඩයක් යටතේම ජයග්‍රාහකයින් සඳහා විශේෂ ඇගයීම් සම්මාන පිරිනැමිණි. දිවයිනේ විශිෂ්ටතම ප්‍රාදේශීය කළමනාකරු පී. සාතියන් මහතා (උතුරු කලාපය), දිවයිනේ විශිෂ්ටතම ශාඛා කළමනාකරු ඒ. සුපේසන් මහතා (යාපනය ශාඛාව), දිවයිනේ විශිෂ්ටතම සමූහ කණ්ඩායම් නායක එන්. නර්තනන් මහතා (චාවකච්චේරි), දිවයිනේ විශිෂ්ටතම කණ්ඩායම් නායක අමිල ප්‍රසාද් මහතා (කිරිබත්ගොඩ), දිවයිනේ විශිෂ්ටතම නව ව්‍යාපාර හඳුන්වාදීම් (උපදේශක කාණ්ඩය) එන්. නාගරාජා මහතා (යාපනය), දිවයිනේ විශිෂ්ටතම ජීවිත රක්ෂණ උපදේශක එස්. එම්. එම්. ජී. සුබසිංහබණ්ඩා මහතා (නුගේගොඩ) සහ දිවයිනේ විශිෂ්ටතම බැංකු රක්ෂණ අලෙවි නිලධාරී ඒ. එල්. ටී. එම්. ලියනගේ මහත්මිය, 2023 වසර පුරා ඔවුන්ගේ විශිෂ්ට ජයග්‍රාහණ සහ කැපවීම වෙනුවෙන් මෙම උළෙලේ දී ඇගයීමට පාත්‍ර වන ලදී . ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි සභාපති නුසිත් කුමාරතුංග මහතා, සමූහ ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල්. අලුත්ගම මහතා සහ ආයතනික කළමනාකාරීත්වය ඇතුළු 350 කට අධික පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. මෙම උත්සවයේදී ආයතනයේ විශිෂ්ඨත්වය සහ කැපවීම තවදුරටත් තහවුරු කරමින් Platinum Star Club සහ Platinum Club හි සාමාජිකයින්ට විශේෂ උපහාරයක්ද පිරිනැමිණි. Star Awards 2024 සම්මාන උළෙල ආශ්වාදයේ සහ අභිප්‍රේරණයේ නොමැකෙන සලකුණක් තබමින් අති උත්කර්ෂවත් අන්දමින් අවසන් විය. සම්මාන උළෙල විවිධ නර්තන සහ ගායන අංග වලින් විචිත්‍රවත් විය. එසේම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි විකුණුම් බලකාය තම ජයග්‍රහණයන් සමරමින් ඉදිරි වසර තුළ එම ජයග්‍රහණ අභිබවා යාමට අදිටන් කරගැනීමක් ද මෙම සම්මාන උළලේදී පිළිඹිබු විය. නොසැලෙන කැපවීමකින් යුතුව, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් අඛණ්ඩව තම ව්‍යාපාරික අරමුණු කරා යමින් විශිෂ්ඨ පාරිභෝගික සේවාවක් ලබාදීම සහතික කරමින් කටයුතු කිරීමට බැඳී සිටී.

ඡායාරූප: විශිෂ්ඨයින් ඇගයීම : (වම දකුණ) අමිල ප්‍රසාද් - දිවයිනේ ‌විශිෂ්ටතම කණ්ඩායම් නායක, ඒ. සුජේසන් - දිවයිනේ විශිෂ්ටතම ශාඛා කළමනාකරු, ශ්‍රියානි කුලසිංහ - වැඩබලන ප්‍රධාන මූල්‍ය නිලධාරී, දයාරත්න පෙරේරා - ප්‍රධාන නිලධාරී ජීවිත රක්ෂණ, පී. සාතියන් - දිවයිනේ විශිෂ්ටතම ප්‍රාදේශීය කළමනාකරු, චන්දන එල්. අලුත්ගම - සමූහ ප්‍රධාන විධායක නිලධාරී, ආලෝක ජයවර්ධන - ප්‍රධාන තොරතුරු නිලධාරී, එස්. එම්. එම්. ජී. සුබසිංහබණ්ඩා - දිවයිනේ විශිෂ්ටතම උපදේශක, ජගත් වෙල්ගම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ජාතික විකුණුම්, එන්. නාගරාජා දිවයිනේ විශිෂ්ටතම නව ව්‍යාපාර හඳුන්වාදීම්, කසුන් සමීර - සහකාර සාමාන්‍යාධිකාරී - අලෙවි සහ ආයතනික ව්‍යාපාර, එන්. නර්තනන් - දිවයිනේ විශිෂ්ටතම සමූහ කණ්ඩායම් නායක, සහ ඒ. එල්. ටී. එම්. ලියනගේ - දිවයිනේ විශිෂ්ටතම බැංකු රක්ෂණ අලෙවි නිලධාරී

Recent Posts

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

තවදුරටත් කියවන්න >

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් දිවයින පුරා විසිරුණු පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

තවදුරටත් කියවන්න >

Sri Lanka Insurance Life and Sri Lanka Insurance General Contribute to National Relief Efforts Following ‘Ditwah’ Cyclone

තවදුරටත් කියවන්න >

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‛ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය' ලෙස පිදුම් ලබයි.

තවදුරටත් කියවන්න >

Sri Lanka Insurance Life Calls Applications for Suba Pathum Scholarships

තවදුරටත් කියවන්න >