ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් දිවයින පුරා විසිරුණු ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.
03 අප්‍රේල් 2025 - මාධ්‍ය නිවේදන
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් මාතර ශාඛාවට සම්බන්ධ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තෙලිජ්ජවිල පාරිභෝගික සේවා නියෝජිත කාර්යාලය (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ දිවයිනේ දක්ෂිණ ප්‍රදේශය තුළ සිය පැවැත්ම පුළුල් කරන ලදී. 2025 මාර්තු මස 17 වන දින තෙලිජ්ජවිල පාරිභෝගික සේවා නියෝජිත කාර්යාලය (ABDC) අංක 19/1, වැලිගම පාර, තෙලිජ්ජවිල හීදී විවෘත කරන ලදී. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ජාතික විකුණුම් ප්‍රධානී ජගත් වෙල්ගම මහතා, දකුණු ප්‍රාදේශික කළමනාකාරීත්වය, ජීවිත හා සාමාන්‍ය රක්ෂණ අංශ නියෝජනය කරමින් මාතර ශාඛා කළමනාකාරීත්වය, සම්භාවනීය ආරාධිතයින් සහ ඉහත ශාඛාවන්ට සම්බන්ධ පාරිභෝගිකයින් ද සහභාගී විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center) තුලින් පාරිභෝගිකයින්ට තව දුරටත් සමීපවෙමින් තම සේවා සැපයීමට අවස්ථාව සැලසෙන අතර, ඔවුන්ගේ සියලුම රක්ෂණ අවශ්‍යතාවයන් පහසුවෙන් සහ වේගවත්ව සපුරා දීමට කටයුතු කරයි.
- All
- මාධ්‍ය නිවේදන
- මාධ්‍ය නිවේදන
Category
Recent Posts
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි ප්‍රධාන විධායක නිලධාරී ලෙස නලින් සුබසිංහ පත් කෙරේ.
තවදුරටත් කියවන්න >ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘Great Managers’ සම්මාන උළෙලේ ගෞරවාදරයට පාත්‍ර වෙමින්, එවැනි පිළිගැනීමක්ලබන ප්රථම රාජ්ය ආයතනය ලෙස ඉතිහාසගත වේ.
තවදුරටත් කියවන්න >ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් දිවයින පුරා විසිරුණු පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.
තවදුරටත් කියවන්න >ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 227 ක් ප‍්‍රදානය කරයි
තවදුරටත් කියවන්න >ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් Star Awards 2024 සම්මාන උළෙලේ දී විශිෂ්ඨයින් අගයයි
තවදුරටත් කියවන්න >