Fitch ආයතනය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හට ‘A+ (lka) ’ ජාතික IFS ශේණිගත කිරීම ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව පිරිනමයි
25 අප්‍රේල් 2025 - මාධ්‍ය නිවේදන
2025 අප්‍රේල් 25, කොළඹ දී, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) හට Fitch Ratings ආයතනය විසින් ‘A+ (lka) ’ ජාතික රක්ෂණ මූල්‍ය ශක්තිය (National Insurer Financial Strength (IFS)) ශේණිගත කිරීම ස්ථාවර ඉදිරි දැක්මක් (Stable outlook) සහිතව පිරිනමන ලදී. Fitch ආයතනය විසින් ශේණිගත කරන ලද ශ්‍රී ලාංකික ජීවිත රක්ෂණ සමාගම් අතරින් A+ ශ්‍රේණිගත කිරීමක් ලබාගෙන ඇති එකම ජීවිත රක්ෂණ සමාගම වන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ආයතනයයි. මෙම ශ්‍රේණිගත කිරීම SLIC Life හි මූල්‍ය ස්ථාවරත්වය, ශක්තිමත් වෙළඳපල පැවැත්ම සහ රක්ෂණ ඔප්පු හිමියන්ට දිගුකාලීන වටිනාකමක් ලබා දීම සඳහා ඇති කැපවීම පෙන්නුම් කරයි. Fitch Ratings ආයතනය විසින් SLIC Life හි දීර්ඝකාලීන ඉතිහාසය, ධනාත්මක මූල්‍ය ප්‍රතිපල සහ පුළුල් බෙදාහැරීම් ජාලය සැලකිල්ලට ගනිමින් එහි යහපත් ආයතනික ප්‍රතිව්‍යුහය නිගමනය කර ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් ලෙස, SLIC Life රටේ ජීවිත රක්ෂණ අංශයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ආයතනයේ මූල්‍ය ශක්තිය තවදුරටත් ශක්තිමත් වන්නේ ශක්තිමත් නියාමන ප්‍රාග්ධන තත්ත්වයකින් වන අතර එය ක්ෂේත්‍රයේ අවම නිර්නායකයන්ට වඩා ඉතා ඉහළින් පවතී. SLIC Life හි අවදානම් පාදක ප්‍රාග්ධන (Risk Based Capital – RBC) අනුපාතය 2024 මැද භාගය වන විට 646% ක් වූ අතර එය හිතකර මූල්‍ය තත්ත්වයක් සහ රක්ෂණ ඔප්පු හිමියන්ගේ අවශ්‍යතා සපුරාලීමට ඇති හැකියාව පෙන්නුම් කරයි. 2024 මුල් භාගයේදී දළ වාරික ආදායමෙ හි 18% ක වැඩිවීමක් සමඟින්, නව ව්‍යාපාර සහ රක්ෂණය නැවත අලුත් කිරීමේ වාරික ඉහළ යාම හේතුවෙන් සමාගම ශක්තිමත් වාරික වර්ධනයක් ද පෙන්නුම් කර ඇත. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල් අලුත්ගම මහතා තම අදහස් ප්‍රකාශ කරමින් සඳහන් කළේ, 'Fitch Ratings ආයතනය විසින් අපට ප්‍රධානය කර දී ඇති මෙම ශ්‍රේණිගත කිරීම පිළිබඳව අපි ඉතාමත් සතුටු වන අතර, එය අපගේ මූල්‍ය ශක්තිය සහ රක්ෂණ ඔප්පු හිමියන් කෙරෙහි ඇති වගකීම නොපිරිහෙලා ඉටුකිරීම පිළිබිඹු වේ. SLIC Life ශ්‍රී ලාංකිකයින්ට තිරසාර වර්ධනයක්, නව්‍ය විසඳුම් සහ විශ්වාසදායක රක්ෂණ සේවා ලබා දීම කෙරෙහි අඛණ්ඩව සැලසුම් ක්‍රියාත්මක කරයි. මෙම ශේණිගත කිරීමෙන් තහවුරු වන්නේද අප ආයතනයක් ලෙස අපගේ පාරිභෝගිකයින්ට උසස්ම සේවාවක් ලබාදීමට නිරන්තරයෙන්ම සැදී පැහැදී සිටින බවයි.' ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි සභාපති නුසිත් කුමාරතුංග මහතා තවදුරටත් පවසා සිටියේ ‘මෙම ජයග්‍රහණය අපගේ සාමුහික ප්‍රයත්නය සහ නිවැරදි පරිපාලන ක්‍රමවේදයන් හි ප්‍රතිපලයි. අපගේ ඔප්පු හිමියන්ගේ අනාගතය සුරක්ෂිත කරමින් දීර්ඝකාලීන දැක්ම සහ සංකීර්ණ වෙළඳපල තත්ත්වයන් නිවැරදිව හැසිරවීම සඳහා මෙම ජයග්‍රහණය සාක්ෂි දරයි.' යන්නයි. දූරදර්ශී ආයෝජන උපාය මාර්ග සහ නවෝත්පාදනයන් කෙරෙහි අවධානය යොමු කරමින්, SLIC Life සිය රක්ෂණ ඔප්පු හිමියන් සඳහා මූල්‍ය ආරක්ෂාව සහතික කරන අතරම, වර්ධනය වන වෙළඳපල තත්ත්වයන්ට අනුවර්තනය වේ. ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ අංශයේ විශ්වාසනීය සහ ස්ථාවර රක්ෂණ ආයතනයක් ලෙස තම භූමිකාව ශක්තිමත් කිරීමට SLIC Life කැපවී සිටී.
- All
- මාධ්‍ය නිවේදන
- මාධ්‍ය නිවේදන
Category
Recent Posts
SLIC ‘Rebuild Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක් පරිත්‍යාග කරයි.
තවදුරටත් කියවන්න >Sri Lanka Insurance Life Calls Applications for Suba Pathum Scholarships
තවදුරටත් කියවන්න >Sri Lanka Insurance Life, Partners with The Bar Association of Sri Lanka to Offer Exclusive Retirement Plans for The Legal Fraternity
තවදුරටත් කියවන්න >ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි
තවදුරටත් කියවන්න >ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් Star Awards 2025 සම්මාන උළෙලේ දී විශිෂ්ටයින් අගයයි
තවදුරටත් කියවන්න >