මිණිමුතු ළමා රක්ෂණ සැලසුම

දරුවා වෙනුවෙන් දීප්තිමත් හෙටක් ගොඩනගමු

මුල් පිටුව / මිණිමුතු ළමා රක්ෂණ සැලසුම

මිණිමුතු ළමා රක්ෂණ සැලසුම

අපගේ මිණිමුතු ළමා රක්ෂණ සැලසුම තුළින් ඔබේ දරුවාට සමෘද්ධිමත් මූල්‍යමය අනාගතයක් හිමි කරගන්න. ඔබේ පවුලේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් සැලසුම් කර ඇති මෙම පූර්ණ රක්ෂණ සැලසුම ආරක්ෂාවට අමතරව ඔබේ දරුවාගේ අධ්‍යාපනික කටයුතු සහ පෞද්ගලික දියුණුව වෙනුවෙන් ශක්තිමත් පදනමක් සකසා දෙයි. දෙමාපියන් සහ දරුවා යන දෙපාර්ශවයම ආවරණය වන පරිදි සැකසී ඇති මෙම සැලසුම තුළින් ඕනෑම අවිනිශ්චිත අවස්ථාවකදී පවුලේ අනාගතයේ සුරක්ෂිත බව සහතික කර දෙයි. මෙය කල්පිරෙන අවස්තාවේදී රක්ෂණ මුදලින් 140%ක් ලෙස ලබාදීම, වාරික ගෙවීම් පහසුකම් සහ විශේෂ ප්‍රතිලාභ රැසක් ලබා දීම මඟින් ඔබේ දරුවාගේ අනාගතය සැලසුම් කිරීමට ඔබට සහාය වේ. ඔබට පහසු ආකාරයට වාරික ගෙවීමේ පහසුකම සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් ලබා දෙන මෙම රක්ෂණ සැලසුම තුළින් ඔබේ මානසික සහනය තහවුරු කර ගන්න.

ප්‍රතිලාභ

අමතර ආවරණ පහසුකම්

බරපතල රෝගාබාධ, රෝහල්ගත වීම් සහ අනපේක්ෂිත හදිසි මරණ වැනි අවදානම් සඳහා සම්පූර්ණ ආරක්ෂාවක් ලබා ගනිමින් ඔබේ දරුවාගේ රක්ෂණ ආවරණය වඩාත් පුළුල් කරගන්න.

දරුවාගේ අකල් මරණයක දී ලැබෙන වන්දි

වන්දි ප්‍රතිලාභ කාලසීමාව තුළ අවාසනාවන්ත ලෙස දරුවාගේ අභාවය සිදුවුවහොත්, දෙමාපියන් වෙත ඉතිරි ගෙවීම් වාරික වශයෙන් අඛණ්ඩව ලබා දෙනු ලැබේ.

රක්ෂණ ආවරණය ලබන දරුවාගේ අකල් මරණයකදී ලැබෙන වන්දි

වන්දි වාරික ගෙවන කාලසීමාව තුළ රක්ෂණ ආවරණය ලබන දරුවාගේ අභාවය සිදුවුවහොත්, දෙමාපියන්ට මෙතෙක් ගෙවන ලද මුළු වාරික මුදලින් 125%ක් හෝ පවාරණ අගය (රක්ෂණ ඔප්පුව කල් පිරීමට පෙර අවසන් කිරීමට තීරණය කරන විට ලැබෙන මුදල) යන දෙකෙන් ඉහළ වටිනාකම හිමි වනු ඇත.

දෙමාපියන්ගේ අභාවය සිදුවූවොත් ලැබෙන වන්දි

වන්දි ආවරණය සහිත දෙමාපියෙකු අභාවයට පත් වුවහොත්, ඔබේ දරුවාට හිමි ප්‍රතිලාභ මුදල දෙගුණයකින් වැඩි වන අතර, එමගින් දරුවාගේ අනාගත මූල්‍ය සුරක්ෂිතතාව තහවුරු කෙරේ.

රක්ෂණ ආවරණය දෙගුණ වීම

විශේෂ අවශ්‍යතා මතුවන අවස්ථාවලදී ඔබේ රක්ෂණ ආවරණය දෙගුණයකින් වැඩි වී, ඉදිරි වාරික ගෙවීම්වලින් නිදහස් වේ. එමඟින් අමතර මූල්‍ය සුරක්ෂිතතාවක් සපයනු ලැබේ.

නම්‍යශීලී වාරික ගෙවීම් ක්‍රමය

ඔබේ මූල්‍ය හැකියාවන්ට ගැලපෙන පරිදි වාරික ගෙවීම් සිදු කළ හැකිය. මාසයේ සිට වර්ෂය දක්වා ඔබට වඩාත් පහසු ආකාරයට ගෙවීම් සැලසුම් කරගත හැකිය.

නම්‍යශීලී ප්‍රතිපත්ති

ඔබේ දරුවාගේ වයස් කාණ්ඩය සහ අනාගත අවශ්‍යතා වලට ගැලපෙන පරිදි වසර 5 සිට 20 දක්වා වූ කාල සීමා වලින් ඔබට සුදුසු රක්ෂණ කාලසීමාවක් තෝරාගත හැකිය.

දෙමාපියන් දෙදෙනාටම රක්ෂණ ආවරණය

එකම රක්ෂණ ඔප්පුවක් යටතේ මව සහ පියා යන දෙදෙනාටම රක්ෂණ ආවරණය ලබාදෙමින්, සමස්ත පවුලේම පූර්ණ ආරක්ෂාව තහවුරු කෙරේ.

රක්ෂණ ඔප්පුව කල් පිරෙන විට 140% ක ප්‍රතිලාභ

ඔබේ දරුවාගේ උසස් අධ්‍යාපන අභිලාෂයන් සාර්ථක කර ගැනීම සඳහා, මුල් රක්ෂණ මුදලින් 140%ක විශේෂ ප්‍රතිලාභයක් වාර්ෂික වාරික හතරකින් ලබාගත හැකිය.

සුදුසුකම්

මසක් වයසැති ඔබේ දරුවා පවා "ආරෝග්‍යා රෝහල්ගත වීමේ ආවරණය " සහ "ජීවක බරපතල රෝග ආවරණය" යන රක්ෂණ ආවරණ සඳහා දැරිය හැකි පිරිවැයක් යටතේ ඇතුළත් කළ කළ හැකිය. එමගින් සෑම කෝණයකින්ම සුරක්ෂිතතාව සහතික කෙරේ.

රුපියල් 100,000ක අවම රක්ෂණ ආවරණයකින් ආරම්භ කළ හැකි අතර, එමගින් සැලකිය යුතු රක්ෂණ ප්‍රතිලාභ ඔබට හිමි වේ.

මාස 1 සිට අවුරුදු 15 දක්වා වයස් කාණ්ඩයේ දරුවන් සඳහා මෙම රක්ෂණය නිර්මාණය කර ඇති අතර, එහි ප්‍රතිලාභ අවුරුදු 21 දක්වා හිමි වේ.

අවුරුදු 18 සිට 60 අතර වයසේ පසුවන දෙමාපියන්ට තම දරුවා වෙනුවෙන් මෙම රක්ෂණ සැලසුම ඇරඹිය හැකිය.

Unlock Bright Futures

Experience peace of mind with comprehensive educational support for your children.

  • 1

    Stable, long-term financial planning for your child’s educational needs.

  • 2

    Coverage that adapts with your family’s evolving circumstances.

  • 3

    Access to enhanced protection features, ensuring well-rounded security.

විශාලතම සහ ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට රක්ෂණය.