මිණිමුතු දායාද

ඔබේ දරුවා වෙනුවෙන් සුවිසල් සිහින දකින්න

මුල් පිටුව / මිණිමුතු දායාද

මිණිමුතු දායාද

සාමාන්‍ය රක්ෂණ ආවරණයකට වඩා බොහෝ ප්‍රතිලාභ හිමි වන විශේෂිත රක්ෂණ විසඳුමක් වන මිණිමුතු දායාද සමඟ ඔබේ දරුවාගේ මූල්‍ය සුරක්ෂිතතාව තහවුරු කර ගන්න. මෙය ගෙවීමට පහසු වාරික මුදල් සමඟින් ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් ශක්තිමත් මූල්‍ය පදනමක් ගොඩනගන රක්ෂණ සැලසුමකි. මෙම රක්ෂණ ඔප්පුව කල්පිරෙන විට, මුල් රක්ෂණ මුදලින් 125%ක විශේෂ ප්‍රතිලාභයක් හිමි වන අතර, එම මුදල වසර පහක කාලයක් තුළ ක්‍රමානුකූලව වාරික ලෙස ලබා දෙනු ලැබේ. මෙය දරුවාගේ අනාගත සමෘද්ධිය වෙනුවෙන් සැලසුම් සහගතව ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන දෙමාපියන් වෙනුවෙන් නිර්මාණය කර ඇති අතර, එහිදී නම්‍යශීලී බව හා පූර්ණ ආරක්ෂාව යන දෙඅංශයම සමබරව පවත්වාගෙන යනු ලැබේ. ඔබේ දරුවා වැඩිහිටිවිය දක්වා යන ගමන සුරක්ෂිත කිරීම වෙනුවෙන් සැලසුම් කර ඇති මෙම සැලැසුම මගින්, නම්‍යශීලී වාරික ගෙවීම් ක්‍රම, රෝහල්ගත වීමේදී වියදම් ආවරණය කිරීම සහ දෙමාපියන් අහිමි වන අවස්ථාවකදී සැලකිය යුතු වන්දි මුදල් ප්‍රමාණයක් ලබා දීම ඇතුළු පුළුල් ප්‍රතිලාභ රැසක් හිමි කර දෙයි.

ප්‍රතිලාභ

ස්වභාවික හේතූන් නිසා සිදුවන මරණ සඳහා වන්දි

රක්ෂිත කාලය තුළදී දෙමව්පියන් ස්වභාවික හේතුවකින් මිය යන අවස්ථාවක, රක්ෂණ ඔප්පුවේ සහතික කර ඇති මූලික මුදල තෙගුණයකින් ඉහළ නංවා, ඉදිරියට ගෙවිය යුතු සියලු වාරික මුදල් අවලංගු කර, සාමාන්‍ය තත්වයේදී ලැබෙන කල්පිරීමේ මුදලට වඩා වැඩි මුදලක් ලබා දේ.

රෝහල්ගත වීමේ ආවරණය

ඔබේ දරුවා හදිසි අනතුරකට හෝ රෝගාතුර තත්වයකට පත් වුවහොත්, රෝහල්ගත වී ප්‍රතිකාර ලබන සෑම දිනකටම රුපියල් 1,000ක දීමනාවක් ලබා දෙමින් ඔබේ මානසික සුරක්ෂිතතාවය තහවුරු කරයි.

නම්‍යශීලී ගෙවීමේ පහසුකම්

ඔබේ පහසුව පරිදි වාරික මුදල් ගෙවීමේ කාල පරාසය - මාසිකව, කාර්තු වශයෙන්, අර්ධ වාර්ෂිකව හෝ වාර්ෂිකව යන විකල්ප අතරින් තෝරා ගැනීමේ නිදහස ඔබ සතුය.

රක්ෂණ කොන්දේසි

ඔබේ දරුවාගේ වයස හා ඔබේ මූල්‍ය සැලසුම් අනුව වඩාත් සුදුසු පරිදි, වසර 5 සිට 18 දක්වා වූ කාල පරාසයකින් ඔබට ගැලපෙන රක්ෂණ කාලසීමාව තෝරා ගත හැකිය.

දරුවාගේ අනාගතය සඳහා ආයෝජනය

ඔබේ දරුවා වයස අවුරුදු 18 සම්පූර්ණ වන විට සැලකිය යුතු මූල්‍ය ශක්තියක් ලබා දීම සඳහා, කාලයත් සමඟ වර්ධනය වන හා දරුවාගේ අවශ්‍යතාවන්ට අනුව හැඩගැසෙන ආයෝජන සැලැස්මක් ආරම්භ කරන්න.

කල්පිරෙන විට ලැබෙන ප්‍රතිලාභය

ඔබේ දරුවාගේ අනාගතයේ සුරක්ෂිත බව වෙනුවෙන්, මූලික රක්ෂණ මුදලින් 125%ක විශේෂ ප්‍රතිලාභයක් හිමි වන අතර, එය කල්පිරීමෙන් පසු වසර පහක කාලයක් තුළ වාරික ලෙස ලබා දෙනු ලැබේ. මීට අමතරව සමුච්චිත බෝනස් ප්‍රතිලාභ (සෑම වසරකම රක්ෂණයට එකතු කරන ලද අමතර මුදල) ද හිමි වනු ඇත.

හදිසි, අනපේක්ෂිත මරණ සඳහා වන්දි (වාරික ගෙවන කාලය තුළ)

රක්ෂණ වාරික ගෙවමින් පවතින කාලසීමාව තුළ දෙමාපියන්ගෙන් අයෙකු හදිසි අනතුරකින් මිය ගිය හොත්, මූලික රක්ෂණ මුදල පස් ගුණයකින් වැඩි කර ලබා දෙන අතර, ඉදිරියට ගෙවිය යුතු සියලු වාරික මුදල් අවලංගු කර, සාමාන්‍ය තත්වයේදී ලැබෙන කල්පිරීමේ මුදලට වඩා වැඩි මුදලක් ලබා දේ.

හදිසි අනතුරු මරණ වන්දි (ප්‍රතිලාභ ලබා දෙමින් පවතින කාලය තුළ)

රක්ෂණ ප්‍රතිලාභ ලබා දෙමින් පවතින කාලසීමාව තුළ දෙමාපියන්ගෙන් අයෙකු හදිසි අනතුරකින් මිය යන අවස්ථාවක, දරුවාට මූලික රක්ෂණ මුදල පස් ගුණයකින් වැඩි කර ලබා දෙන අතර, ඉදිරියේදී ගෙවීමට නියමිත සියලු වාරික මුදල් තෙගුණයකින් වැඩි කර ගෙවනු ලැබේ.

ආබාධිත තත්වයකදී වන්දි හිමි වීම

දෙමාපියන්ගෙන් අයෙකු සම්පූර්ණ ආබාධිත තත්වයකට පත්වන අවස්ථාවක, ඉදිරි රක්ෂණ වාරික ගෙවීම් සියල්ල අවලංගු කර, සහතික කළ මූලික මුදල වාරික පහකින් ගෙවීම ආරම්භ කරනු ලැබේ. මීට අමතරව කල්පිරීමේදී ලැබෙන මුදල තෙගුණයකින් වැඩි කර ගෙවනු ඇත.

රක්ෂණයට එකතු කර ගත හැකි අමතර ආවරණ

ඔබේ දරුවාට වඩාත් පුළුල් ආරක්ෂාවක් ලබා දීම සඳහා, සාමාන්‍ය ආවරණයට බරපතල රෝගාබාධ, සෞඛ්‍ය සහ අවමංගල්‍ය වියදම් යන අමතර රක්ෂණ ආවරණ එක් කර ගැනීමේ හැකියාව ඔබ සතුය.

සුදුසුකම්

වයස අවුරුදු 20 සිට 65 අතර දෙමාපියන්ට මෙම රක්ෂණය ආරම්භ කළ හැකි අතර, එමගින් දරුවාගේ අනාගත සුරක්ෂිතතාව කල් ඇතිව තහවුරු කර ගත හැකිය.

වයස අවුරුදු 1 සිට 13 අතර දරුවන් සඳහා විශේෂයෙන් සැලසුම් කර ඇති මෙම රක්ෂණය, ඔවුන්ගේ වැදගත්ම වර්ධන කාලය වන වයස අවුරුදු 18 දක්වා පූර්ණ රැකවරණය ලබා දෙමින්, දරුවාගේ අනාගත සුරක්ෂිතතාව තහවුරු කරයි.

ඔබට රුපියල් 100,000ක අවම මුදලකින් මෙම රක්ෂණය ආරම්භ කළ හැකි අතර, එමගින් දරුවාට සැලකිය යුතු රක්ෂණ ප්‍රතිලාභ රැසක් හිමි වේ.

Unlock Bright Futures

Experience peace of mind with comprehensive educational support for your children.

  • 1

    Stable, long-term financial planning for your child’s educational needs.

  • 2

    Coverage that adapts with your family’s evolving circumstances.

  • 3

    Access to enhanced protection features, ensuring well-rounded security.

විශාලතම සහ ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට රක්ෂණය.