School Fee Protector

දරුවන්ගේ අධ්‍යාපන ගමන සුරක්ෂිත කරමු

මුල් පිටුව / School Fee Protector

School Fee Protector

School Fee Protector යනු අනපේක්ෂිත සිදුවීම් වන අවස්ථාවන්හිදී ඔබේ දරුවාගේ අධ්‍යාපන ගමන අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට පමණක් නොව එය තවදුරටත් වර්ධනය කර ගැනීමටත් උපකාරී වන ආරක්ෂක ජාලයකි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය ලබන ඔබේ දරුවාට, ජීවිතයේ ඕනෑම අභියෝගයක් හමුවේ නොනැවතී ඉගෙනුම ලැබීමට School Fee Protector මග පාදයි. සරල වාරික ක්‍රමයක් ඔස්සේ, ඔබට අකල් මරණයකට හෝ ආබාධිත තත්වයකට මුහුණ දීමට සිදුවුවද, දරුවාගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට මෙම සැලැස්ම මගින් හැකියාව ලැබේ. දරුවාගේ ඉතිරි පාසල් කාලය සැලකිල්ලට ගනිමින් ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි සැලැස්ම සකසා ගත හැකිය. අද දිනම මෙම සුවිශේෂී සැලැස්මට එක්වන්න. ඉතා සුළු ආයෝජනයකින් ඔබේ දරුවාගේ අධ්‍යාපනයේ හෙට දවස සුරක්ෂිත කර ගැනීමේ අවස්ථාව ඔබ වෙත විවර වේ.

ප්‍රතිලාභ

පරිපූර්ණ අධ්‍යාපන ආවරණය

ඔබේ දරුවා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පාසලකට ඇතුළත් වන දින සිට අවසානය තෙක් නොකඩවා අධ්‍යාපනය හැදෑරීම සහතික කරමින්, දරුවාගේ සම්පූර්ණ පාසල් ජීවිතය සුරක්ෂිත කරනු ලැබේ.

නම්‍යශීලී ප්‍රතිපත්ති

ඔබේ දරුවා පාසල් යා යුතු ඉතිරි කාල සීමාව සහ වැය වන මුදල් ප්‍රමාණය ඇතුළු අධ්‍යාපන අවශ්‍යතාවලට ගැලපෙන පරිදි රක්ෂණ සැලැස්ම සකසා ගත හැකිය.

අඛණ්ඩ අධ්‍යාපන ගමනක සහතිකය

දෙමව්පියන් මුහුණ දෙන අනපේක්ෂිත මරණ හෝ ආබාධිත තත්ව වැනි අභියෝග හමුවේ දරුවාගේ අධ්‍යාපන ගමන අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කරමින් ඉතිරිව ඇති පාසල් ගාස්තුව සම්පූර්ණයෙන්ම අප විසින් දරනු ලැබේ.

එක්වර ගෙවීමේ ක්‍රමය

එක් වාරිකයක් ගෙවීමෙන් දරුවාගේ මුළු පාසල් කාලයටම රක්ෂණ ආවරණය හිමි වන අතර එය, ඔබේ මූල්‍ය සැලසුම්කරණය පහසු කරයි.

වසර පුරා ලියාපදිංචි වීමේ හැකියාව

මෙම රක්ෂණ සැලැස්මට සම්බන්ධ වීම පාසල් වර්ෂය ආරම්භයට පමණක් සීමා නොවෙන අතර, වසර මුළුල්ලේ ඕනෑම පහසු අවස්ථාවක කළ හැකි වීමෙන් ඔබේ මූල්‍ය සැලසුම්කරණය පහසු කරවයි.

සුදුසුකම්

වයස අවුරුදු 18 සිට 65 අතර පසු වන, දරුවන්ගේ අධ්‍යාපන අනාගතය සුරක්ෂිත කිරීමට කල්තියා සැලසුම් කරන දෙමාපියන් වෙනුවෙන් මෙම රක්ෂණය නිර්මාණය කර ඇත.

Unlock Bright Futures

Experience peace of mind with comprehensive educational support for your children.

  • 1

    Stable, long-term financial planning for your child’s educational needs.

  • 2

    Coverage that adapts with your family’s evolving circumstances.

  • 3

    Access to enhanced protection features, ensuring well-rounded security.

විශාලතම සහ ශක්තිමත්ම ජාතික රක්ෂකයාගෙන් සැමට රක්ෂණය.