Comprehensive D+ Plan
අපගේ D+ සැලැස්ම සමඟින් ඔබේ මානසික සුවය ආරක්ෂා කරගන්න. මෙය දියවැඩියා රෝගීන් සඳහාම නිර්මාණය කළ පරිපූර්ණ රක්ෂණ සැලැස්මක් වන අතර ප්‍රමුඛ පෙළේ රෝහල් සහ දියවැඩියා ප්‍රතිකාර සේවා පහසුකම් වෙත ප්‍රවේශය ලබා දෙමින් ඔබේ මානසික සුවය හා මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කර දේ. අපගේ D+ සැලැස්ම ඔබගේ රෝහල් වියදම්වලින් වැඩි කොටසක් පියවන අතර, පුළුල් ජීවිත රක්ෂණයක් මෙන්ම සෞඛ්‍ය රක්ෂණයක්ද ලබා දී තිබෙනවා.
රක්ෂණලාභීන්ට විවිධ ප්‍රදේශ හා වෛද්‍ය අවශ්‍යතා ආවරණය වන පරිදි සැකසූ පැකේජ තුනකින් තමන්ට ගැලපෙනම සැලැස්ම තෝරා ගත හැකිය.
A කාණ්ඩය
රුපියල් 200,000ක ආවරණය
B කාණ්ඩය
රුපියල් 400,000ක ආවරණය
C කාණ්ඩය
රුපියල් 600,000ක ආවරණය
ප්‍රතිලාභ
පුළුල් වියදම් ආවරණය
හෙද සේවා, දැඩි සත්කාර, ශල්‍යාගාර ගාස්තු, කාමර ගාස්තු හා ශල්‍ය වෛද්‍යවරුන්ට, නිර්වින්දන වෛද්‍යවරුන්ට, වෛද්‍ය වෘත්තිකයන්ට, උපදේශක වෛද්‍යවරුන්ට සහ විශේෂඥ වෛද්‍යවරුන්ට ගෙවන ගාස්තු ආවරණය කරනු ඇත.
පූර්ණ සෞඛ්‍ය හා ජීවිත සුරැකුම
දිවි තිළිණ, මිණිමුතු, මිණිමුතු පරිත්‍යාග, ප්‍රගුණ, යස ඉසුරු, ෆ්‍රීඩම්, මිණිමුතු දායාද සහ ජනදිරි යන SLIC හි ප්‍රධාන රක්ෂණ සැලසුම් සමඟ එකතු කර ගත හැකි සෞඛ්‍ය රක්ෂණයකි.
කලත්‍ර රක්ෂණ විකල්පය
ඔබේ සහකරු/සහකාරිය සඳහාද රක්ෂණ ආවරණය ලබා ගැනීමෙන්, වයස අවුරුදු 65 දක්වා දෙදෙනාගේම සුරක්ෂිතභාවය තහවුරු කර ගන්න.
රක්ෂණ ඔප්පුව වලංගු කාලය
අවුරුදු පහක නිශ්චිත කාලයක් සඳහා වලංගු වේ.
නම්‍යශීලී ගෙවීම් ක්‍රම
ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි මාසික, කාර්තුමය, අර්ධ වාර්ෂික, හෝ වාර්ෂික වශයෙන් වාරික ගෙවීම් සිදු කළ හැකිය.
ක්‍රමානුකූලව වැඩිවන ප්‍රතිලාභ
පළමු වසරේදී මූලික රක්ෂණ මුදලින් 50% ක් ද, දෙවන වසරේදී 75% ක් ද, තෙවන වසරේ සිට සම්පූර්ණ 100% ක් ද ලෙස ප්‍රතිලාභ ලබා ගත හැකිය.
අපහසුතාවයකින් තොරව රෝහල් ගත වීම
මුදල් රහිත කාඩ්පත් ක්‍රමය මගින් කිසිදු අපහසුතාවකින් තොරව සෞඛ්‍ය සේවා ලබා ගැනීමේ අවස්ථාව හිමි වේ.
සුදුසුකම්
වයස අවුරුදු 30 සිට 60 දක්වා වැඩිහිටියන්ට මෙම රක්ෂණය ලබා ගත හැකි අතර, අතර රක්ෂණ ආවරණය වයස 65දී අවසන් වේ.
මෙම රක්ෂණය ලබා ගැනීමට SLIC ජීවිත රක්ෂණයක් තිබීම අනිවාර්ය වේ.
ඔබ වෙනුවෙන්ම සුවිශේෂ ත්‍යාග
අපගේ ලෝයල්ටි වැඩසටහන සමඟ ඇති විශේෂ ත්‍යාග සොයාගන්න - මේ ඔබට අපගේ ත්‍යාගයයි
-
1
සෑම අලුත් කිරීමකදීම ලෝයල්ටි ලකුණු එකතු කරගන්න.
-
2
විශේෂ වට්ටම් වරප්‍රසාද ලබා ගන්න.
-
3
ඔබගේ අවශ්‍යතා අනුව සකස් කරන ලද දීමනා අත්විඳින්න.ත්‍යාග පිළිබඳ වැඩි විස්තර දැනගන්න.