ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි ප්‍රධාන විධායක නිලධාරී ලෙස නලින් සුබසිංහ පත් කෙරේ.
06 නොවැම්බර් 2025 - මාධ්‍ය නිවේදන
නොවැම්බර් 5, 2025 කොළඹ දී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ ශක්තිමත්ම ජීවිත රක්ෂකයා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life), 2025 නොවැම්බර් 3 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි එහි නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස නලින් සුබසිංහ මහතා පත් කිරීම සතුටින් නිවේදනය කරයි. සුබසිංහ මහතා රක්ෂණ ක්ෂේත්‍රයේ වසර 21 කට වැඩි පළපුරුද්දක් ඇති අතර, මින් වසර 15ක් ම ජ්‍යෙෂ්ඨ කළමනාකරණ (C-Suite) තනතුරුවල සේවය කර ඇත. මෙම කාල වකවානුව තුල ඔහු ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයන්හි කැපී පෙනෙන කාර්යභාරයක් ඉටුකර ඇත. ඔහුගේ වෘත්තීය ජීවිතය 2004 දී ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (SLIC) හි ආරම්භ වූ අතර, එහිදී ඔහු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ආයුඝනක සහ අවදානම් කළමනාකරණ (Deputy General Manager - Actuarial and Risk Management) ලෙස සේවය කරන ලදී. එතුමා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි ප්‍රධානී - ආයෝජන ලෙසද කටයුතු කර ඇත. එසේම, එම කාලය තුල දී එතුමා Capital Alliance Investments Limited සහ Ceylon Asset Management Limited හි නාමික අධ්‍යක්ෂවරයා ලෙස ද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නියෝජනය කරන ලදී. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත්වීමට පෙර සුබසිංහ මහතා, HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ HNB ඇෂුවරන්ස් හි ප්‍රධාන නිලධාරී - ආයුඝනක/සාමාන්‍යධිකාරී (Chief Officer Actuarial/General Manager) තනතුර හෙබවූ අතර යුනියන් ඇෂුවරන්ස් හි ද ප්‍රධාන නිලධාරී - ආයුඝනක/සාමාන්‍යධිකාරී ලෙස කටයුතු කරනු ලැබුවේය. ඔහුගේ ආයතනික නායකත්ව භූමිකාවන්ට අමතරව, සුබසිංහ මහතා ආයුඝනක වෘත්තිකයෙකු ලෙස රක්ෂණ ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් ලබා දී ඇත. ඔහු දැනට ශ්‍රී ලංකා ආයුඝනක සංගමයේ (AASL) උප සභාපතිවරයා වන අතර ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ (IASL) ආයුඝනක උප කමිටුවේ සභාපතිවරයා ලෙස ද සේවය කර ඇත. සුබසිංහ මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් මුල්‍ය ව්‍යාපාර සහ ගණනාත්මක ගණිතය පිළිබඳ විද්‍යා උපාධිය (ගෞරව) (Bachelor of Science (Hons) Degree in Finance Business and Computational Mathematics) සහ එක්සත් රාජධානියේ එඩින්බර්ග් හි Heriot-Watt විශ්වවිද්‍යාලයෙන් ආයුගණක කළමනාකරණය පිළිබඳ විද්‍යා ශාස්ත්‍රපති උපාධිය (Master of Science Degree in Actuarial Management) හදාරා ඇත. දශක 6කට අධික විශිෂ්ටත්වයක් සමගින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් මේ වන විට දේශයේ රක්ෂකයා ලෙසින් රුපියල් බිලියන 264 ක වත්කම් සම්භාරයක් සහ රක්ෂණ ක්ෂේත්‍රයේ විශාලතම ජීවිත රක්ෂණ අරමුදල වන රුපියල් බිලියන 239 ක ට හිමිකම් කියයි. සිය දිගුකාලීන මුල්‍ය ස්ථාවරත්වය සඳහා Fitch Rating විසින් A+ (lka) ශේණිගත කිරීමක් හිමිකරගෙන ඇති රටේ එකම ජීවිත රක්ෂණ සමාගම ද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් වන අතර 8වන වරටත් ඉහළම ජනාදරයට පත් ජිවිත් රක්ෂණ සන්නාමය ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ඇගයීමට ලක් වී ඇත. ශක්තිමත් පදනමක් සහ නව දැක්මක් සහිතව, රක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය සහ නායකත්වයේ භූමිකාව ඉදිරියට ගෙන යාමට SLIC Life නිරන්තරයෙන්ම කටයුතු කරයි.
ඡායාරූපය: නලින් සුබසිංහ මහතා - ප්‍රධාන විධායක නිලධාරී, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
- All
- මාධ්‍ය නිවේදන
- මාධ්‍ය නිවේදන
Category
Recent Posts
SLIC ‘Rebuild Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක් පරිත්‍යාග කරයි.
තවදුරටත් කියවන්න >ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් Star Awards 2025 සම්මාන උළෙලේ දී විශිෂ්ටයින් අගයයි
තවදුරටත් කියවන්න >ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්ව පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප්‍රදානය කරයි
තවදුරටත් කියවන්න >Fitch ආයතනය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හට ‘A+ (lka) ’ ජාතික IFS ශේණිගත කිරීම ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව පිරිනමයි
තවදුරටත් කියවන්න >ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි
තවදුරටත් කියවන්න >