පුවත් සහ සිදුවීම්

මුල් පිටුව / පුවත් සහ සිදුවීම්

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2025 සඳහා ව්‍යාපාරික මෙහෙයුම් ආරම්භ කරයි.

01 ජනවාරි 2025 - මාධ්‍ය නිවේදන

ජනවාරි 01, 2025 - කොළඹ දී. 2025 වර්ෂය සඳහා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් හි ව්‍යාපාර මෙහෙයුම් සමාරම්භක උත්සවය ජනවාරි මස 1 වැනි දින ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. උත්සව සභාවේ වැඩ කටයුතු ආරම්භ කරණු ලැබුවේ ආගමික කටයුතු වලට මුල්තැන දෙමින් ය. මෙම සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි සභාපති, ආයතනික කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවැත්විණි. ප්‍රධාන කාර්යාලයේ උත්සවයට සමගාමීව දිවයින පුරා සියලුම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශාඛා වලදී ද ව්‍යාපාර මෙහෙයුම් සමාරම්භක උත්සව පවත්වන ලදී. එසේම ශාඛා ජාලයේ කාර්යමණ්ඩලය වෙනුවන් ප්‍රධාන කාර්යාලයේ සිට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ උත්සව කටයුතු සජීවීව විකාශනය කිරීමද සිදු කරන ලදී.

ප්‍රියන්ත පෙරේරා මහතා, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී - ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල්, චන්දන එල්. අලුත්ගම මහතා, සමුහ ප්‍රධාන විධායක නිලධාරී - ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, නුසිත් කුමාරතුංග මහතා, සභාපති - ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, දයාරත්න පෙරේරා මහතා, ප්‍රධාන නිලධාරී - ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් විසින් උත්සව සභාව අමතන ලදී.

Recent Posts

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

තවදුරටත් කියවන්න >

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

තවදුරටත් කියවන්න >

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

තවදුරටත් කියවන්න >

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2025 පළමු මාස හය අවසානයේදී 32% ක වේගවත් වර්ධනයක් පවත්වා ගනී.

තවදුරටත් කියවන්න >

Sri Lanka Insurance Life Declares Industry’s Largest Bonus exceeding Rs. 14.6 billion to Policyholders

තවදුරටත් කියවන්න >