පුවත් සහ සිදුවීම්

මුල් පිටුව / පුවත් සහ සිදුවීම්

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‛පාසල් පිරියත සුරකිමු' 2025

27 මැයි 2025 - මාධ්‍ය නිවේදන

දිවයින පුරා පාසල් 100 ක් මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීම් වැඩසටහනක් ලෙස දියත් කරන ලද ‛පාසල් පිරියත සුරකිමු' 2025 වැඩසටහන 2025 මැයි මස 24 වනදා දිවයින පුරා විසිරුනු දුෂ්කර පාසල් 100 කට තම දායකත්වය ලබාදෙන ලදී. මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ පාසැල් දරුවන්ට තම අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට සුදුසු පරිසරයක් නිර්මාණය කර දීමයි. ව්‍යාපාරික අරමුණු වලින් ඔබ්බට ගොස් රටේ අනාගතය බාර ගන්න සිටින දුවා දරුවන් වෙනුවෙන් තම වගකීම ඉටු කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් නිරන්තරයෙන් කැපවී සිටි. 2007 වසරේ ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය තුලින් මේ වන විට පාසල් 3,365ක් ප්‍රතිලාභ හිමි කරගෙන ඇත. එකම දිනයක් තුල දිවයින පුරා මෙම වැඩසටහන ක්‍රියත්මක කරන ලද අතර ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි කලාප, ප්‍රාදේශීය, ශාඛා කළමණාකරනය ඇතුලු විකුණුම් බලකායද මෙම වැඩ සටහන සාර්ථක කර ගැනීමට තම දායකත්වය ලබා දෙන ලදී. මෙම විශේෂ වැඩසටහනට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි සමුහ ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල්. අලුත්ගම මහතා ඇතුලු ආයතනික කළමණාකාරීත්වය ද දිවයිනේ සිදුවූ විවධ වැඩසටහන් වලට සහභාගී විය. ‛පාසල් පිරියත සුරකිමු' ව්‍යපෘතිය යටතේ නොයෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක කරන ලද අතර ඉන් ප්‍රධාන තැනක් ගනු ලැබුවේ, පන්ති කාමර ප්‍රතිසංස්කරණය කිරීම, පිරිසිදු පානීය ජලය සැපයීම, පින්තාරු කිරීම සහ අලුත්වැඩියා කටයුතු, මේස සහ පුටු ප්‍රතිසංස්කරණය කිරීම සහ සිසුන්ට සහ පාසල් පුස්තකාල සඳහා පොත් පරිත්‍යාග කිරීමයි. මේ තුලින් ශ්‍රී ලංකාවේ අනාගත පරපුරට විශිෂ්ට අධ්‍යාපනයක් ලබාදීම සඳහා ඔවුන්ගේ පාසල් වල ප්‍රසන්න පරිසරයක් පවත්වා ගනිමින් ඔවුන්ගේ මානසික හා ශාරීරික යහපැවැත්ම ඉහළ නංවාලීම අරමුණු කරගෙන තිබේ. මෙම වැඩසටහන ක්‍රියත්මක කිරීමට, දුෂ්කර පාසල් හඳුනාගැනීමේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් ශේණිගත කිරීම් මත පදනම්ව සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ප්‍රාදේශීය/ශාඛා කළමනාකරණය සම්බන්ධවී වඩාත් සුදුසු පාසල් මෙම කර්තව්‍ය වෙනුවෙන් තෝරා ගන්න ලදී. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සමාජ සත්කාර ක්‍රියාකාරකම් දැයේ දරුවන්ගේ අධ්‍යාපනය තුලින් ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරයි. මේ යටතේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැඩසටහන් බොහොමයක් ක්‍රියාත්මක කර ඇති අතර ‛සුබ පැතුම් ශිෂ්‍යත්ව වැඩසටහන ප්‍රධාන තැනක් ගනී. මෙහිදී 5 ශේණිය ශිෂ්‍යත්වය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ විභාග වලදී විශිෂ්ට දස්කම් දැක්වූ සිසුන්ට මූල්‍යමය ශිෂ්‍යත්ව පිරිනමන අතර මේ දක්වා රු. මිලියන 200 කට අධික වටිනාමකින් යුත් ශිෂ්‍යත්ව 1800ක් ඉක්මවා ප්‍රදානය කර ඇත. එසේම, ලෝක ළමා දිනය සැමරීම සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් රුපියල් මිලියනයක වටිනාකමකින් යුත් ජීවිත රක්ෂණ ආවරණයක් අලුත උපන් බිළිඳුන්ගේ දෙමාපියන්ට නොමිලේ පිරිනමන ලදී. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, තම සමාජ වගකීම අවබෝධ කරගනිමින් රටේ සියලු පුරවැසියන් වෙනුවෙන් සහ ඔවුන්ගේ ජීවන තත්ත්වයන් ඉහල නැංවීමට සහ තිරසාර සංවර්ධනය වෙනුවෙන් නිරන්තරයෙන් කටයුතු කරයි.

To date, the program has benefitted an impressive 3,365 schools island wide, underscoring SLIC Life’s pledge to nurture the educational journeys of future generations. The most recent phase of the initiative was launched on the 24th of May 2025, with projects carried out simultaneously at 100 selected schools throughout the country. Activities were spearheaded by SLIC Life’s Regional and Branch offices, highlighting the strong involvement of the organisation.

This nationwide initiative saw a multitude of programmes taking place, including refurbishment of classrooms, provision of clean drinking water, colour washing and repair work, restoration of desks and chairs, and donation of books for both students and school libraries, along with addressing other basic school needs. The overarching goal is to ensure that children have access to clean, safe, and inspiring learning spaces, especially in underserved communities. The deserving schools for the programme were selected based on the categorization of schools done by the Ministry of Education along with the observations and visits by the SLIC Life regional sales teams.

Sri Lanka Insurance Life has long recognized child education as a key strategic pillar in establishing its leadership within the Sri Lankan market. The ‘Pasal Piriyatha Surakimu’ initiative complements a broader range of child-focused programs within the organization. These include the annual Rs. 1 million free life insurance cover for parents of children born on World Children’s Day, and the impactful Suba Pathum Scholarship Program, which has already granted over 1,800 scholarships worth closer to Rs. 200 million to high achieving students at national examinations.

Group Chief Executive Officer Mr. Chandana L. Aluthgama, along with the Corporate Management team, Zonal Heads, Regional Managers, Branch Managers, and the wider sales force, played an integral role in executing the 2025 leg of the program, reflecting SLIC Life’s culture of collective responsibility and hands-on leadership.

Sri Lanka Insurance Life remains steadfast in its mission to create a lasting impact in society, not just through insurance, but by being a trusted partner in the holistic development of the nation.

Recent Posts

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් දිවයින පුරා විසිරුණු පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

තවදුරටත් කියවන්න >

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් Star Awards 2024 සම්මාන උළෙලේ දී විශිෂ්ඨයින් අගයයි

තවදුරටත් කියවන්න >

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

තවදුරටත් කියවන්න >

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2025 සඳහා ව්‍යාපාරික මෙහෙයුම් ආරම්භ කරයි.

තවදුරටත් කියවන්න >

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් “The Great HR Quiz 2025" තරඟයෙන් විශිෂ්ට ජයග්‍රාහණයක් අත්කර ගනී

තවදුරටත් කියවන්න >