පුවත් සහ සිදුවීම්

මුල් පිටුව / පුවත් සහ සිදුවීම්

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් “The Great HR Quiz 2025" තරඟයෙන් විශිෂ්ට ජයග්‍රාහණයක් අත්කර ගනී

18 පෙබරවාරි 2025 - මාධ්‍ය නිවේදන

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි මානව සම්පත් අංශය පසුගියදා පැවති The Great HR Quiz 2025 හි රක්ෂණ, මූල්‍ය සහ ආයෝජන කාණ්ඩයේ ජයග්‍රාහකයින් බවට පත් විය. මෙම තරගාවලිය සඳහා සමාගම් 75 ක් සහභාගී වූ අතර එයින් 4 වැනි ස්ථානය ලබා ගැනීමට ද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් මානව සම්පත් අංශය සමත් විය. Great HR Quiz 2025 තරගාවලිය Chartered Institute of Personnel Management (CIPM) විසින් සංවිධානය කරන ලදී. එය ශ්‍රී ලංකාවේ මානව සම්පත් වෘත්තිකයන්ගේ දැනුම සහ කුසලතා ඉහළ නැංවීම සඳහා මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රය වෙනුවෙන් කැප වූ එකම තරගාවලිය වන අතර මෙහිදී තරඟකරුවන්ගේ මානව සම්පත් හා සාමාන්‍ය දැනුම පිළිබඳ සියලු අංශ ආවරණය කරනු ලැබීය.

ඡායාරූප: ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජයග්‍රාහී කණ්ඩායම සම්මානය ලබා ගැනීමෙන් පසුව. (වම - දකුණ) චරිත මධුරංග කළමනාකරු - මානව සම්පත් මෙහෙයුම්, උත්තරා කපුගමගේ කළමනාකරු - සේවක සම්බන්ධතා, චන්දිමා වීරසිංහ ජ්‍යෙෂ්ඨ මානව සම්පත් විධායක සහ ෂෙහාන් කුලසූරීය මානව සම්පත් විධායක.

Recent Posts

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 227 ක් ප‍්‍රදානය කරයි

තවදුරටත් කියවන්න >

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2025 සඳහා ව්‍යාපාරික මෙහෙයුම් ආරම්භ කරයි.

තවදුරටත් කියවන්න >

SLIC Life සහ SLIC General නව රැකියා අවස්ථා නිර්මාණය කරයි.

තවදුරටත් කියවන්න >

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් Star Awards 2024 සම්මාන උළෙලේ දී විශිෂ්ඨයින් අගයයි

තවදුරටත් කියවන්න >

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් දිවයින පුරා විසිරුණු පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

තවදුරටත් කියවන්න >