පුවත් සහ සිදුවීම්

මුල් පිටුව / පුවත් සහ සිදුවීම්

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් දිවයින පුරා විසිරුණු පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

26 මාර්තු 2025 - මාධ්‍ය නිවේදන

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් මීගමුව ශාඛාවට සම්බන්ධ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කටාන පාරිභෝගික සේවා නියෝජිත කාර්යාලය (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ ඉහළ බස්නාහිර ප්‍රදේශය තුළ සිය පැවැත්ම පුළුල් කරන ලදී. 2025 මාර්තු මස 6 වන දින කටාන පාරිභෝගික සේවා නියෝජිත කාර්යාලය (ABDC) අංක 195/2, දෙල්ගස් හන්දිය, කටාන හීදී විවෘත කරන ලදී. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන නිලධාරී - ව්‍යාපාර නාමලී ඒ සිල්වා මහත්මිය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී/ජාතික විකුණුම් (ජීවිත) ප්‍රධානී ජගත් වෙල්ගම මහතා, ඉහළ බස්නාහිර ප්‍රාදේශීය කළමනාකාරීත්වය, ජීවිත හා සාමාන්‍ය රක්ෂණ අංශ නියෝජනය කරමින් මීගමුව ශාඛා කළමනාකාරීත්වය, සම්භාවනීය ආරාධිතයින් සහ ඉහත ශාඛාවන්ට සම්බන්ධ පාරිභෝගිකයින් ද සහභාගී විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center) තුලින් පාරිභෝගිකයින්ට තව දුරටත් සමීපවෙමින් තම සේවා සැපයීමට අවස්ථාව සැලසෙන අතර, ඔවුන්ගේ සියලුම රක්ෂණ අවශ්‍යතාවයන් පහසුවෙන් සහ වේගවත්ව සපුරා දීමට කටයුතු කරයි.

Recent Posts

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

තවදුරටත් කියවන්න >

SLIC Life සහ SLIC General නව රැකියා අවස්ථා නිර්මාණය කරයි.

තවදුරටත් කියවන්න >

SLIC ‘Rebuild Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක් පරිත්‍යාග කරයි.

තවදුරටත් කියවන්න >

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‛පාසල් පිරියත සුරකිමු' 2025

තවදුරටත් කියවන්න >

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‛ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය' ලෙස පිදුම් ලබයි.

තවදුරටත් කියවන්න >