ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි
17 මාර්තු 2025 - මාධ්‍ය නිවේදන
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලාභ උපයන රාජ්‍ය ආයතනයක් වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, වගකීම් සහගත ආයතනික පුරවැසියෙකු ලෙස සමාජයට වටිනාකමක් එක් කිරීමට නිරතුරුවම කටයුතු කරයි. 2014 වසරේදී SLIC Life විසින් දිවයින පුරා සිටින සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ගේ දරුවන් සඳහා 'ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කරන ලදී. අද වන විට, මෙම වැඩසටහන මගින් ශිෂ්‍යත්ව 2,000 කට අධික ප්‍රමාණයක් ප්‍රදානය කර ඇති අතර, එහි වටිනාකම රු. මිලියන 200 ඉක්මවයි. මෙම වසරේදී සුබ පැතුම් ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් 2023 වසරේ 5 ශේණිය ශිෂ්‍යත්වය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ විභාග වලට මුහුණ දුන්, ඉහළින්ම දක්ෂතා දැක්වූ සිසුන් 225 කට ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ. මේ යටතේ එක් එක් විභාගයෙන් සිසුන් 75 බැගින් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා තෝරාගනු ලබයි. 5 ශේණිය ශිෂ්‍යත්වය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස උසස් පෙළ විභාගවල දක්ෂතා මත පදනම්ව සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා සුදුසුකම් ලබන සිසුන් හට පිළිවෙලින් රු. 20,000 බැගින් වසර පහකට, රු. 40,000 බැගින් වසර දෙකකට සහ රු. 50,000 බැගින් වසර තුනකට මූල්‍යමය ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ. අයදුම්පත් ඉදිරිපත් කිරීම SLIC Life වෙබ් අඩවිය හරහා 2025 මාර්තු මස 1 සිට 31 දක්වා විවෘත කර ඇත. මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා වෙබ් අඩවිය හරහා පමණක් අයදුම්පත් භාරගනු ලැබේ. වැඩි විස්තර සඳහා www.sliclife.com ඔස්සේ SLIC Life නිල වෙබ් අඩවියට පිවිසෙන්න හෝ 1377 අමතන්න.
- All
- මාධ්‍ය නිවේදන
- මාධ්‍ය නිවේදන
Category
Recent Posts
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් Star Awards 2025 සම්මාන උළෙලේ දී විශිෂ්ටයින් අගයයි
තවදුරටත් කියවන්න >ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් දිවයින පුරා විසිරුණු පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.
තවදුරටත් කියවන්න >ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‛ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය' ලෙස පිදුම් ලබයි.
තවදුරටත් කියවන්න >Sri Lanka Insurance Life Recognised for Excellence in CSR at Sri Lanka Leadership Awards 2025
තවදුරටත් කියවන්න >ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 227 ක් ප‍්‍රදානය කරයි
තවදුරටත් කියවන්න >