පුවත් සහ සිදුවීම්

මුල් පිටුව / පුවත් සහ සිදුවීම්

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2025 පළමු මාස හය අවසානයේදී 32% ක වේගවත් වර්ධනයක් පවත්වා ගනී.

27 අගෝස්තු 2025 - මාධ්‍ය නිවේදන

• ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් රු. බිලියන 15.4 ක දළ වාරික ආදායම් අගයක් වාර්තා කරයි; 32% ක වර්ධනයක්. • 2025 පළමු මාස හය අවසානයේ දී 68% ක වර්ධනයක් සමග නව ව්‍යාපාරවලින් රුපියල් බිලියන 3.6 ක්. • හිමිකම් සහ කල්පිරීම සඳහා රුපියල් බිලියන 8.5 ක සුවිශේෂී ගෙවීමක්. මසකට රුපියල් බිලියන 1.4 ක සාමාන්‍යයක්. අගෝස්තු 26, 2025 කොළඹ දී. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) 2025 වසරේ පළමු මාස හය අවසානයේදී විශිෂ්ට වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, රුපියල් බිලියන 15.4 ක ජීවිත රක්ෂණ වාරික ආදායමක් (GWP) වාර්තා කර ඇති අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 32% ක ශක්තිමත් වර්ධනයක් පිළිබිඹු කරයි. ශක්තිමත් ව්‍යාපාරික ගම්‍යතාවයක් පෙන්නුම් කරමින්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් රුපියල් බිලියන 3.6 ක නව ව්‍යාපාර ආදායමක් 2025 ජුනි මස 30 දිනට වාර්තා කිරීමට සමත් වූ අතර එය 68% ක සුවිශේෂී වර්ධනයකි. පාරිභෝගිකයින් වෙත ලබා දුන් පොරොන්දු ඉටු කරමින්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2025 පළමු මාස හය අවසානයේ දී රුපියල් බිලියන 8.5 ක හිමිකම් සහ කල්පිරීම් ප්‍රතිලාභ ගෙවීම් ලබා දුන් අතර, මෙම ප්‍රතිඵල සමාගමේ මූල්‍ය ශක්තිය සහ එහි වගකීම් ඉටු කිරීම සඳහා ඇති කැපවීම් පෙන්නුම් කරයි. මෙරට දැවැන්තම සහ ශක්තිමත්ම රක්ෂකයා ලෙස තම ස්ථානය තවදුරටත් තහවුරු කරමින්, 2025 ජුනි මස 30 දින වන විට SLICLL සිය වත්කම් පදනම රුපියල් බිලියන 253.2 දක්වා පුළුල් කරගැනීමට සමත් වූ අතර, එහි ජීවිත අරමුදලද රුපියල් බිලියන 228.4 දක්වා වර්ධනය කර ගන්නා ලදී. ඉතා උසස් ආයෝජන කළමනාකරණ උපාය මාර්ග සමඟ රක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමීත්වය තහවුරු කරමින් ක්ෂේත්‍රය තුල ප්‍රකාශිත වැඩිම ජිවිත රක්ෂණ බෝනස් මුදල ලෙසින් සිය වාර්තාව අභිබවා යමින් 2024 වසර සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සිය ජිවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත රු. බිලියන 12.5 ක දැවැන්ත මුදලක් බෝනස් ප්‍රතිලාභ ලෙස ප්‍රකාශයට පත් කිරීමට සමත්වූ අතර පසුගිය දශක දෙක තුළ ආයතනය විසින් ප්‍රකාශයට පත්කරන ලද අසමසම බෝනස් දීමනාවන්හි මුළු වටිනාකම රු. බිලියන 116.6 ඉක්මවා යයි. මූල්‍යමය සාර්ථකත්වයට අමතරව, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් අඛණ්ඩව 8වන වරටත් LMD විසින් ‛වඩාත්ම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‛ ලෙස නම් කරන ලද අතර ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් LMD Brand Finance විසින් ශ්‍රී ලංකාවේ ඉහළම ශ්‍රේණිගත සමාගම් සියය අතරට නම් කරන ලදී. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැඩසටහන් බොහොමයක් ක්‍රියාත්මක කර ඇති අතර 2014 වසරේ දී ආරම්භ කරන ලද ‛ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම්' ශිෂ්‍යත්ව වැඩසටහන තුලින් මේ දක්වා රු. මිලියන 240කට වඩා වටිනාකමකින් යුත් මූල්‍යමය ශිෂ්‍යත්ව 2200කට අධික ප්‍රමාණයක් ප්‍රදානය කර ඇත. එසේම, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් රුපියල් මිලියනයක වටිනාකමකින් යුත් ජීවිත රක්ෂණ ආවරණයක් අලූත අලුත උපන් බිළිඳුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා ලෝක ළමා දිනයෙදී උපත ලබන සියලූම දරුවන්ගේ දෙමාපියන්ට 2022 වර්ෂයේ සිට නොමිලේ ප්‍රදානය කිරීමට කටයුතු කර ඇත. ‛පාසල් පිරියත සුරකිමු' වැඩ සටහන තුලින් දරුවන්ට ප්‍රසන්න පාසල් පරිසරයක් ලබා දීම සඳහා අඩු වරප්‍රසාද සහිත පාසල් වලට යටිතල පහසුකම් ලබා දීමට කටයුතු කරන අතර මෙම වැඩසටහන තුලින් මේ දක්වා පාසල් 3365ක් ප්‍රතිලාභ ලබා ඇත. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් නවෝත්පාදනයන් මෙහෙයවීම, පාරිභෝගික විශ්වාසය වැඩි දියුණු කිරීම සහ සමාජයට අර්ථවත් දායකත්වයක් ලබා දීම කෙරෙහි අවධානය යොමු කරයි. ශක්තිමත් පදනමක් සහ නව දැක්මක් සහිතව, රක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය සහ නායකත්වයේ භූමිකාව ඉදිරියට ගෙන යාමට SLIC Life නිරන්තරයෙන්ම කටයුතු කරයි.

Recent Posts

ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘Great Managers’ සම්මාන උළෙලේ ගෞරවාදරයට පාත්‍ර වෙමින්, එවැනි පිළිගැනීමක්ලබන ප්රථම රාජ්ය ආයතනය ලෙස ඉතිහාසගත වේ.

තවදුරටත් කියවන්න >

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් දිවයින පුරා විසිරුණු ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

තවදුරටත් කියවන්න >

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‛ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය' ලෙස පිදුම් ලබයි.

තවදුරටත් කියවන්න >

Sri Lanka Insurance Life Declares Industry’s Largest Bonus exceeding Rs. 14.6 billion to Policyholders

තවදුරටත් කියවන්න >

Sri Lanka Insurance Life, Partners with The Bar Association of Sri Lanka to Offer Exclusive Retirement Plans for The Legal Fraternity

තවදුරටත් කියවන්න >